The Money Evil – Arrogance | වේටර් කෙල්ල

සුරූපී තරුනියක් ඉදියා එයා ප්‍රසිද්ද ආපනශාලාවක සේවිකාවක් ලෙස වැඩකලා. ඒත් එයාට ශ්‍රවණාබාදයක් තිබ්බා ඒක නිසා ඇය ශ්‍රවන උපකරනයක් පැලදයි සේවය කරේ. එයා මේ වෙද්දි අවුරුදු 3ක් වගේ කාලයක් සේවය කරා.

එක දවසක් එම තරුනිය වැඩ කරන හොටෙල් එකට සල්ලි කාර කපල් එකක් ආවා. එයාල එතන තිබ්බ ටේබල් එකක වාඩි උනා. ඊට පස්සෙ අර ලස්සන සේවිකාව මේ කපල් එකගෙන් ඕඩර් එක ගන්න ආවා. ඇය එම කපල් එකෙන් ඔයාල මොකක්ද ඇනවුම් කරන්නෙ කියල සන්වරව ආචාරශීලීව ඇහුවා ඇහුවා. ඒත් ඒ කිසිවකට පිලිතුරු නොදී එකවරම අර සල්ලි කාර සල්ලිකාර කපල් එකේ නෝනා කෝපයෙන් වගෙ මට මේ හොටෙල් එකේ මැනේජර්ව හම්බවෙන්න ඔනෙ කියල කිව්වා( කෙල්ලොන්ට ඊරිසියා කරන්නෙ කෙල්ලොමයි. වේටර් කෙල්ලගෙ ලස්සන දරාගන්න බරුවනේ ඔය දගලන්නෙ මේ සල්ලි කාර කෙල්ල). ඒක ඇහුව අර සේවිකාව බයවෙලා ගල් ගැහිල හෙල්ලෙන්නෙ නැතුව ඉදියා. එකට තවත් මලපැන්න අර සල්ලි කාර කෙල්ල, මොනාද තවත් බුම්මන් බලන් ඉන්නෙ යනවා ගිහින් කතා කරනව ඔයලයි මැනේජර්ට කියල සැරෙන් බැන්නා. පස්සෙ ඒ වේටර් කෙල්ල මැනේජර්ට කතා කරන් එන්න ගියා බයෙන් වෙව්ල වෙව්ල (පවු බන් ඒකි).

මැනේජර් එතෙන්න්ට ඇවිල්ලා මොකක්ද මැඩම් කාරනාව කියල අර කපල් එකේ කෙල්ලගෙන් ඇහුවා. ඊටපස්සෙ ඒ සල්ලි කාර කෙල්ල මහ හයියෙන් කෑගහලා මැනේජර්ගෙන් ඇහුවා ” ඔයාලයි හොටෙල් එකේ වේටර්ලා හෙඩ්ෆෝන් ගහන්ද වැඩකරන්නේ. අපි මෙතෙන්ට එන්නෙ කෑම වගේම හොද ස‍ර්විස් එකක් ලබාගන්න, අපි ඒකට ලොකු ගානක් ගෙවනවා. ඔයාල මේ කරන දේන් අපිට සිද්ද වෙන්නෙ ලොකූ අගෞරවයක්. කරුණාකරලා මේවගේ අය මේ හොටෙල් එකෙන් අස්කරලා දාන්න මේවගේ අය නිසා අපිවගේ සල්ලි කාරයොන්ට අගවුරවයක් වෙන්න දෙන්න හිතන්නවත් එපා” කියල.


මේ කෙල්ලගෙ කෑගැහිල්ල නිසා මුලු හෝටලේම අය එයාල දිහා බලන් ඉන්නෙ. (දන්නවනේ කෙල්ලොන්ගෙ කටේ සද්දේ අමුතුවෙන් කියන්න ඔනෙ නෑනෙ උබලට ටකරන් වගේනෙ කෙල්ලොන්ගෙ කටවල් කියවන්න ගත්තම). ඊටපස්සෙ මේ නිසා අවුල් උන අර වේටර් කෙල්ල හොදටම අඩනවා (පොඩ්ඩ අත්තන් දියවෙන සීනිබෝලනේ මේ ගෑනු කියන්නෙ, කට විතරයිනෙ පොඩ්ඩ අත්තන් ඇති හොටු පෙරන් අඩන්නෙ). මේ කතාව ඇහුව මැනේජර්ට මල පැනලා
“මැඩම් පේන්නෙ නැද්ද මේ කෙල්ලගෙ කනේ තීන්නෙ හෙඩ්ෆෝන් එකක් නෙවේ මේක කන් ඇහෙන්නෙ නැති අය කනට දාන මැශින් එකක් කියල? මේ කෙල්ල දැන් අවුරුදු 3 තිස්සෙ හොදට වැඩකරනව. කවදාවත් ඔයා වගේ කෙනෙක්නම් අපිට හම්බවෙලා නෑ” කියල.


මේ කොච්චර කිව්වත් මේ සල්ලි කාර කෙල්ලගෙ කටේ සද්දෙ අඩුවක් උනේ නම් නෑ. අන්තිමේදි මැනේජර් කිව්වා “ඔයාට අපේ හොටෙල් එකෙන් කන්න බැරිනම් කරුණාකරල මෙතනින් යන්න. අපිනම් කවදාවත් ඔයාවගේ කස්ටමර්ස්ලා බලාපොරොත්තු වෙන්නෙ නෑ” කියල.


මේක අහලා මේ සල්ලි කාර කෙල්ලට තවත් මලපැනලා කිව්වා ” මගේ හස්බන් ලෝයර් කෙනෙක් මන් ඔයාලට විරුද්දව නඩු දානව” කියලා (කොච්චර කිච උනත් මේ ගෑනුන්ගෙ ලොකුකමනම් යන්නෙ නෑ අප්පා).

ඊටපස්සෙ එකපාරටම මේ සල්ලිකාර කෙල්ලගෙ කොල්ල නැගිටලා සැරෙන් කිව්වා “කට වහනව මෝඩි… ඇත්තටම මම ලෝයර් කෙනෙක් නෙවේ මගේ නෝනා හැසිරුන විදිහට මන් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනව” කියලා. ඊටපස්සෙ ඔහු බිරිදට කිව්වා ” මෙතන කන්න බැරිනම් කරුණාකරලා ගෙදර යන්න මෝඩියෙක් නොවී” කියලා. ඒක අහල මෙ සල්ලි කාර කෙල්ල ලැජ්වෙලා මෙතනින් ගියා. ඒත් හස්බන් මෙතන නැවතිලා කෑම කෑවා.

කාල ඉවර වෙලා මේ කොල්ල අර වේටර් කෙල්ලගෙන් තමන්ගේ නෝන කරපු දේට සමාව ඉල්ලලා කිවා ” අපිට මීට දවස් කීපයකට කලින් ටිකට් එකක් ඇදුනා, ඒක නිසා තමා මේ අපේ නෝනා මෙහෙම හැසිරෙන්නෙ. මෙයා මීට කලින් සාප්පුවක සේවිකාවක්. එතකොට මම කම්පනියක පියන් කෙනෙක්. අනේ අපිට සමාවෙන්න” කියල. ඊට පස්සෙ මේ කොල්ලා හොටෙල් එකෙන් යන්න කලින් හොටෙල් එකේ ඉදිය හැමෝම වැඩකරන අයගෙනුයි කස්‍ටමස්ලගෙනුයි තමන්ගේ වයිෆ්ගෙන් උන වැරැද්දට සමාව අරන් යන්න අමතක කරෙත් නෑ. (කොල්ලො හරි නිහතමානී බන්).

කෙනෙක්ගෙ කතාව හරියට දන්නෙ නැතුව කවදාවත් අඩුපාඩු හොයන්න යන්න එපා. හැමෝම මිනිස්සු සම්පූර්න නෑනෙ. ඒක නිසා අඩුපාඩුවක් දැක්ක තැන එයාලට අනුකම්පා කරන්න හැමෝටම එක හා සමානව සලකන්න, කරුණාවන්ත වෙයන්. අනිත්දේ අපේ අතින් වැරැද්දක් උනනම් ඒ වැරැද්ද උන තැනම සමාව ගන්න ලැජ්ජ වෙන්න එපා. සමාජෙ අපිව මනින්නෙ අපි කරන කියන දේවල් වලින්. ඒ නිසා අපි හැමෝම හොද නිහතමානී මිනිස්සු වගේ ජීවත් වෙමු.

Array
90% LikesVS
10% Dislikes

Leave a Reply

Your email address will not be published. Required fields are marked *